
Manager - Information Technology
Salary
Closing date
Posted
Views

Salary
Closing date
Posted
Views
බාහිර අපේක්ෂකයන්:
01. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් තොරතුරු තාක්ෂණ පිළිබඳ හෝ පරිඝණක විද්‍යාව ප්‍රධාන විෂයක් ලෙස ඇතුලත් වන විද්‍යාවේදී උපාධියක් ලබා තිබීම.
සමග
උපාධිය ලබා ගැනීමෙන් පසු රජයේ, රාජ්‍ය සංස්ථාවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක තනතුරට අදාල ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 01ක සේවා පළපුරුද්දක් ලබා තිබීම.
හෝ
02. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික, වෘත්තීය පුහුණු ආයතනයක් හෝ කාර්මික විද්‍යාලයක් මගින් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධව නිකුත් කරනු ලබන ජාතික වෘත්තීය සුදුසුකම් ප්‍රවීණතා NVQ හත්වන (7) වන මට්ටම හෝ ඊට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම
සමඟ
එම සුදුසුකම ලබාගත් පසු රජයේ, රාජ්‍ය සංස්ථාවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අවම වශයෙන් අදාළ ක්ෂේත්රයේ වසරක (01)ක පළපුරුද්දක් ලබා තිබීම.
වැටුප් පරිමාණය :
MM1-1 2026 රු. [81,710 + 10 × 2,200 + 15 × 2,500 = 141,210]
වයස් සීමාව:
වයස අවුරුදු 22 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.
පත්කිරීමේ ස්වභාවය :
සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට හිමිකම් සහිතව ස්ථිර පත්වීමකි. අයදුම්කරුවන් වසර 03ක පරිවාස කාලයකට යටත් කෙරේ.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
තනතුරේ රාජකාරි මැනවින් ඉටු කිරීමටත් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් ශාරීරිකව හා මානසිකව යෝග්‍ය විය යුතුය.
විශිෂ්ඨ සදාචාර සම්පන්න චරිතයකින් යුක්ත විය යුතුය.
යාවත්කාලීන කල ජීවදත්ත පත්‍රිකාව (CV), අධ්‍යාපනික / වෘත්තීය සහ පළපුරුදු සහතික වල පිටපත් සමඟ මේ සමඟ අමුණා ඇති ආකෘතියට සකස් කල අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් පමණක් පහත ලිපිනයට යොමු කළ යුතුය.
ලියුම් කවරයේ වම් පස ඉහළ කෙලවරේ "(අදාළ තනතුරේ නම ) තනතුර සඳහා අයදුම්පත” ලෙස පැහැදිලිව සඳහන් කළ යුතුය
රාජ්‍ය / ව්‍යවස්ථාපිත අංශ වල දැනට සේවය කරන්නන් තම අයදුම්පත් ආයතන ප්‍රධානියා මඟින් යොමු කළ යුතුය
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2026 දෙසැම්බර් මස 11 වන දින
සභාපති,
ලංකා සෝල්ට් ලිමිටඩ්, මහ ලේවාය හම්බන්තොට
දුරකථන - 047-2037305 / 047-2037308