Jobs Lanka - Find Your Dream Job
← All jobs

Job details

බාහිර අපේක්ෂකයින්:

1. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් මානව සම්පත් කළමනාකරණය, වානිජ්‍ය, ගණකාධිකරණය, මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය/ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ප්‍රථම උපාධියක් සමග අදාළ විෂය ක්ෂේත්‍රයෙහි පශ්චාත් උපාධියක් හෝ පිළිගත් වරලත් වෘත්තීය ආයතනයක ආශ්‍රිත සාමාජිකත්වය ලබාගෙන තිබීම

සමග

උපාධි සුදුසුකම් ලැබීමෙන් පසු රජයේ දෙපාර්තමේන්තුවක, සංස්ථාවක, මණ්ඩලයක හෝ සමාගමක හෝ පිළිගත් පුද්ගලික ආයතනයක අදාළ ක්ෂේත්‍රයේ කළමනා කරණ මට්ටමේ තනතුරක අවම වශයෙන් වසර දහ අටක (18)ක සේවා පළපුරුද්දක් තිබීම හා ඉන් වසර තුනක් (03) ජ්‍යෙෂ්ඨ කලමනා කරණ මට්ටමේ විය යුතුය.

වැටුප් පරිමාණය :
(HM 2-1) 2026 රු. 140,350 + 12 × 3,500 = 182,350

වයස් සීමාව:
වයස අවුරුදු 35 ට නොඅඩු සහ අවුරුදු 55 ට නොවැඩි විය යුතුය. රජයේ ස්ථිර සේවයේ අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ.

පත්කිරීමේ ස්වභාවය :

සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට හිමිකම් සහිතව ස්ථිර පත්වීමකි. අයදුම්කරුවන් වසර 03ක පරිවාස කාලයකට යටත් කෙරේ.

සෑම අයදුම්කරුවෙකුම :

  1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.

  2. තනතුරේ රාජකාරි මැනවින් ඉටු කිරීමටත් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් ශාරීරිකව හා මානසිකව යෝග්‍ය විය යුතුය.

  3. විශිෂ්ඨ සදාචාර සම්පන්න චරිතයකින් යුක්ත විය යුතුය.

අයදුම්පත් යොමු කිරීමේ ක්‍රමවේදය -

යාවත්කාලීන කල ජීවදත්ත පත්‍රිකාව (CV), අධ්‍යාපනික / වෘත්තීය සහ පළපුරුදු සහතික වල පිටපත් සමඟ මේ සමඟ අමුණා ඇති ආකෘතියට සකස් කල අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් පමණක් පහත ලිපිනයට යොමු කළ යුතුය.

  • ලියුම් කවරයේ වම් පස ඉහළ කෙලවරේ "(අදාළ තනතුරේ නම ) තනතුර සඳහා අයදුම්පත” ලෙස පැහැදිලිව සඳහන් කළ යුතුය

  • රාජ්‍ය / ව්‍යවස්ථාපිත අංශ වල දැනට සේවය කරන්නන් තම අයදුම්පත් ආයතන ප්‍රධානියා මඟින් යොමු කළ යුතුය

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2026 දෙසැම්බර් මස 11 වන දින

සභාපති,
ලංකා සෝල්ට් ලිමිටඩ්, මහ ලේවාය හම්බන්තොට
දුරකථන - 047-2037305 / 047-2037308