Jobs Lanka - Find Your Dream Job
← All jobs

Job details

බාහිර අපේක්ෂකයින්: ( පහත 1 හෝ 2 )

1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබා ගත් විද්‍යාවේදී, ඉංජිනේරු (යාන්ත්‍රික/විදුලි), කළමනා කරණය, මූල්‍ය, වාණිජ්‍යය, රාජ්‍ය පරිපාලනය/ව්‍යාපාර පරිපාලනය පිළබඳ ප්‍රථම උපාධියක් සමඟ අදාළ විෂය ක්ෂේත්‍රයෙහි පශ්චාත් උපාධියක් හෝ පිළිගත් වරලත් වෘත්තිය ආයතනයක ආශ්‍රිත සාමාජිකත්වය ලබාගෙන තිබීම

සමඟ

උපාධි සුදුසුකම් ලැබීමෙන් පසු රජයේ දෙපාර්තමේන්තුවක, සංස්ථාවක, මණ්ඩලයක හෝ සමාගමක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අදාළ ක්ෂේත්‍රයේ කළමනා කරන මට්ටමේ තනතුරක අවම වශයෙන් වසර විස්සක (20)ක සේවා පළපුරුද්දක් ලබා තිබීම හා ඉන් වසර පහක් (05) ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ විය යුතුය.

2. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබා ගත් විද්‍යාවේදී, ඉංජිනේරු (යාන්ත්‍රික /විදුලි), කළමනා කරණය, මූල්‍ය, වාණිජ්‍යය, රාජ්‍ය පරිපාලනය / ව්‍යාපාර පරිපාලනය අදාළ ක්ෂේත්‍රයක ප්‍රථම උපාධියක්

සහ

අදාළ විෂය ක්ෂේත්‍රයේ ආචාර්ය උපාධිය ලබා ගැනිමෙන් පසු රජයේ දෙපාර්තමේන්තුවක, සංස්ථාවක, මණ්ඩලයක හෝ සමාගමක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අදාළ ක්ෂේත්‍රයේ වසර පහක (05) ක ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ තනතුරක පළපුරුද්දක් තිබිය යුතුය.

වැටුප් පරිමාණය :
(HM 2 -2) 2026 රු. 142,500 + 12 × 4,000 = 190,500

වයස් සීමාව:
වයස අවුරුදු 35 ට නොඅඩු සහ අවුරුදු 55 ට නොවැඩි විය යුතුය. රජයේ ස්ථිර සේවයේ අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ.

පත්කිරීමේ ස්වභාවය :

සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට හිමිකම් සහිතව ස්ථිර පත්වීමකි. අයදුම්කරුවන් වසර 03ක පරිවාස කාලයකට යටත් කෙරේ.

සෑම අයදුම්කරුවෙකුම :

  1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.

  2. තනතුරේ රාජකාරි මැනවින් ඉටු කිරීමටත් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් ශාරීරිකව හා මානසිකව යෝග්‍ය විය යුතුය.

  3. විශිෂ්ඨ සදාචාර සම්පන්න චරිතයකින් යුක්ත විය යුතුය.

අයදුම්පත් යොමු කිරීමේ ක්‍රමවේදය -

යාවත්කාලීන කල ජීවදත්ත පත්‍රිකාව (CV), අධ්‍යාපනික / වෘත්තීය සහ පළපුරුදු සහතික වල පිටපත් සමඟ මේ සමඟ අමුණා ඇති ආකෘතියට සකස් කල අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් පමණක් පහත ලිපිනයට යොමු කළ යුතුය.

  • ලියුම් කවරයේ වම් පස ඉහළ කෙලවරේ "(අදාළ තනතුරේ නම ) තනතුර සඳහා අයදුම්පත” ලෙස පැහැදිලිව සඳහන් කළ යුතුය

  • රාජ්‍ය / ව්‍යවස්ථාපිත අංශ වල දැනට සේවය කරන්නන් තම අයදුම්පත් ආයතන ප්‍රධානියා මඟින් යොමු කළ යුතුය

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2026 දෙසැම්බර් මස 11 වන දින

සභාපති,
ලංකා සෝල්ට් ලිමිටඩ්, මහ ලේවාය හම්බන්තොට
දුරකථන - 047-2037305 / 047-2037308