Grade 09 Quiz 01

📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (39 ප්‍රශ්න)
  1. පහත දක්වා ඇති ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ අතරින් ජීවී සහ අජීවී අතරමැදි ලක්ෂණ පෙන්වන කාණ්ඩය තෝරන්න.
  2. Alternaria නම් දිලීරය ජෛව පළිබෝධ නාශකයක් ලෙස භාවිතා කරනුයේ කුමන වල් පැළෑටිය මර්දනය කිරීම සඳහාද?
  3. ඇසෙහි ආලෝකයට සංවේදී යෂ්ටි සෛල හා කේතු සෛල තිබෙන කොටස කුමක්ද?
  4. කනෙහි පිහිටන කර්ණ පටහ පටලය දෙපැත්තේ පීඩන සමානව පවත්වා ගැනීමට දායක වන ග්‍රසනිකාවට සම්බන්ධ ව්‍යුහය තෝරන්න.
  5. කුරුඳු කොළ වලින් කුරුඳු තෙල් වෙන් කර ගැනීම සඳහා භාවිතා වන මිශ්‍රණයක සංඝටක වෙන් කරන භෞතික ක්‍රමය කුමක්ද?
  6. පෙන්වා ඇත්තේ කුමන සංයෝගයක ව්‍යුහය ද?
  7. පීඩනය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. A. පීඩනය කෙරෙහි පෘෂ්ඨ වර්ගඵලය බලපායි. B. අභිලම්බ බලය වැඩි කරන විට පීඩනය වැඩි වේ. C. අභිලම්බ බලය වැඩි කරන විට පීඩනය අඩු වේ. ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ කුමක්ද?
  8. වම් හා දකුණු පුප්ඵුසීය ශිරා විවෘත වන්නේ හෘදයේ කුමන කුටීරයට ද?
  9. පුෂ්පයක පරාගයක් ඩිම්බයක් ඇති දෙසට වර්ධනය වීම හඳුන්වන්නේ කෙසේද?
  10. පෘථිවියේ මුල් ජීවී ආකාරය ලෙස සිතන්නේ කවර ජීවීන් ද?
  11. මුල්ම පෘෂ්ඨවංශී ජීවී කාණ්ඩය වන්නේ කවුරුන්ද?
  12. රුධිරයේ ද්‍රව කොටස හඳුන්වනු ලබන්නේ කුමන නමින්ද?
  13. රනිල කුලයට අයත් ශාකවල ශාක පත්‍ර පාදයේ හෝ පත්‍රිකා පාදයේ ඇති ඉදිමුණු ස්වභාවයක් සහිත ව්‍යුහය හඳුන්වන්නේ කිනම් නමකින්ද?
  14. ඝනත්වය ප්‍රකාශ කරන සම්මත ඒකකය කුමක්ද?
  15. පහත ද්‍රාවණ අතරින් ඝනත්වය වැඩිම ද්‍රාවණය සහිත රූපය කුමක්ද? (රූප සටහනේ දැක්වෙන පරිදි හයිඩ්‍රොමීටරය / බීකරය අනුව)
  16. ජෛව තාක්ෂණයේ භාවිතයක් වන්නේ කුමක්ද?
  17. හරිත සංකල්පය ක්‍රියාත්මක වන ස්ථානයක් නොවන්නේ කුමක්ද?
  18. විද්‍යුත් ලෝහාලේපනය පිළිබඳ නිවැරදි ප්‍රකාශය / ප්‍රකාශ තෝරන්න. A. යකඩ වලල්ලක් මත තඹ ආලේප කිරීමට කොපර් සල්ෆේට් ද්‍රාවණයක් යොදා ගත යුතුය. B. මෙහිදී වැඩි විභව අන්තරයක් යෙදිය යුතුය. C. යකඩ වලල්ල ධන අග්‍රයට සම්බන්ධ කළ යුතුය.
  19. අප රටට ආවේණික ක්ෂීරපායී සත්ත්වයා කවරෙක් ද?
  20. රූපයේ දැක්වෙන ක්ෂුද්‍ර ජීවීන් අයත්වන කාණ්ඩය වන්නේ,
  21. ක්ෂුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් ශිෂ්‍යයෙකු ඉදිරිපත් කළ ප්‍රකාශ තුනක් පහත දැක්වේ. A. වෛද්‍ය විද්‍යාවේ දී ක්ෂුද්‍ර ජීවීන් ප්‍රයෝජනවත් ලෙස යොදා ගත හැකි ය. B. පෘථිවියේ පැවැත්ම සඳහා ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය අනිවාර්යයෙන් අවශ්‍ය වේ. C. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ලබා ගත හැකි ප්‍රයෝජනවලට සාපේක්ෂව සිදුවන හානි අවම වේ. මෙම ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ,
  22. වර්තමානයේ බහුලව පවත්නා අක්ෂි රෝග දෙකක් වන්නේ
  23. අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන අයෙකුට පිළියම් ලෙස කාච යෙදූ පසු පැහැදිලිව පෙනෙන ආකාරය නිවැරදිව දැක්වෙන රූපය කුමක්ද?
  24. කැල්සියම් මූලද්‍රව්‍යයේ සංකේතය පහත ඒවායින් කවරක්ද?
  25. කාබන් ඩයොක්සයිඩ් හා සෝඩියම් ක්ලෝරයිඩ්වල රසායනික සූත්‍ර පිළිවෙලින් දැක්වූ විට, 
  26. කැල්සියම් කාබනේට්වල CaCO3 අඩංගු මූලද්‍රව්‍ය මොනවාද? 
  27. බලයක් රූපිකව නිරූපණය කළ අවස්ථා දෙකක් පහත දැක්වේ. (P සහ Q බල) එම බල සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? 
  28. රූපයේ දැක්වෙන බර වාහනයේ රෝද වැඩි ගණනක් යොදා ඇත්තේ, 
  29. දකුණු කෝෂිකාවට සම්බන්ධ රුධිර නාළයක් වන්නේ, 
  30. ශාකයක වර්ධනය යාමනය කරන රසායනික සංයෝග හඳුන්වනුයේ, 
  31. ශාකවල සිදුවන චලන ආකාර තුනක් පහත දැක්වේ. A. පත්‍ර ස්පර්ශ කළ විට පත්‍ර හැකිළීම. <!-->B. අඳුර වැටීමත් සමඟ පත්‍ර හැකිළීම. -->C. ශාකයේ මුල පොළොව දෙසට වැඩීම. <!-->මෙම ප්‍රකාශ වලින් නිදිකුම්බා ශාකය දක්වන සන්නමන චලන වන්නේ, -->
  32. ජෛව පරිණාමයේ දී පහත ජීවීන් අතුරින් පළමුව බිහි වූ ජීවියා විය හැක්කේ, 
  33. රූපයේ දැක්වෙන්නේ ද්‍රව තුනක ඝනත්වය සැසඳීමට ද්‍රවමානයක් යොදා ගත් ආකාරයකි. එම ද්‍රව අතුරින් ඝනත්වය අඩුම සහ වැඩිම ද්‍රවය පිළිවෙලින් දැක්වූ විට නිවැරදි ප්‍රකාශය කුමක්ද? 
  34. ජලය විද්‍යුත් විච්ඡේදනයෙන් නිපදවෙන එක් ඵලයක් හඳුනා ගැනීමේදී දැල්වෙන පුළිඟු කීරක් ඇතුළු කිරීමේ දී පොප් හඬක් නැගිණි. එම වායුව කුමක්ද? 
  35. ජෛව විවිධත්වය ලෙස හඳුන්වන්නේ, 
  36. කෘෂිකර්මාන්තයේ දී ඵලදායීතාව වැඩි කර ගැනීමට කළ යුතු වන්නේ, 
  37. හරිත සංකල්පය පිළිබඳ සිසුන් ඉදිරිපත් කළ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. A. පෘථිවි ගෝලයේ ශාක වැස්ම වැඩි කිරීම. <!-->B. හරිතාගාර වායු විමෝචනය අවම වීම. -->C. සූර්ය බලය මගින් විදුලිය ලබා ගැනීම. <!-->මෙම ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ, -->
  38. ස්වාභාවික පරිසර පද්ධතිය සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර කුමක්ද? 
  39. එකිනෙක මිශ්‍ර නොවන ද්‍රව තුනක් එකම බඳුනක දමා ඇති විට, 

Leave a Comment