Grade 11 Quiz 01

📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (26 ප්‍රශ්න)
  1. ද්වීපද නාමකරණයේ සම්මුතීන් අනුව, වලි කුකුළාගේ විද්‍යාත්මක නාමය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
  2. ශාක තෙල්වලින් මාගරින් නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන වායුව
  3. සුළඟ මඟින් ව්‍යාප්ත වීම සඳහා අනුවර්තනය වී ඇති බීජයක් වන්නේ පහත කවරක් ද?
  4. ඒක බීජපත්‍රී ශාක
  5. මෙහි දැක්වෙන ආහාර ජාලයේ සිටින තෘතීයික පාරිභෝගිකයා කවුද?
  6. කණිකා රහිත සුදු රුධිරාණු වර්ගයක් හා කණිකා සහිත සුදු රුධිරාණු වර්ගයක් පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.
  7. කමල් දිගු කාලයක සිට වීදුරු කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියි. ඔහුගේ පෙණහැලි පටක ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බව වෛද්‍ය පරීක්ෂණයක දී හෙළි විය. මේ අනුව, කමල් කුමන රෝගී තත්ත්වයට පත් වී සිටියිද?
  8. අලිංගික ප්‍රජනනයේ දී
  9. පේශි පටකයක රූපයක් පහත දී ඇත. එම පේශි පටකයේ නම හා එහි ක්‍රියාකාරිත්වය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
  10. අමාලිගේ සම වියළි වන අතර ඇයගේ वैලමිට, දණහිස ආදී ස්ථානවල කටු වැනි බිබිළි මතු වී ඇත. තව ද ඇයගේ ඇස්වල බීටෝ ලප ඇත. අමාලි පෙළෙනුයේ පහත සඳහන් කුමන විටමිනයේ ඌනතාවයෙන්ද?
  11. ප්‍රභාසංශ්ලේෂණය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය අසත්‍ය වේද?
  12. ලිංගික පුෂ්පයක දික්කඩක රූප සටහනක් පහත දී ඇත. ජායාංගයට හා පුමාංගයට අයත් කොටස් දෙකක් පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.
  13. පහත දැක්වෙන කුමන ශාකය විවෘත බීජක ශාකයක් වේද?
  14. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්‍රාවය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන ඉන්ද්‍රියය වන්නේ
  15. ස්වායු ශ්වසනයේ දී ශක්තිය නිදහස් කෙරෙන්නේ පහත සඳහන් කුමන ඉන්ද්‍රියිකාව මගින්ද?
  16. රූපයේ දී ඇති සත්ත්ව පටකය
  17. ජීවීන් තුළ සිදු වන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනු ලබන්නේ
  18. සුළඟ මගින් ව්‍යාප්ත වීම සඳහා හොර ශාකයේ බීජ පහත සඳහන් කුමන අනුවර්තනය දක්වයිද?
  19. මිනිස් සිරුර තුළ ග්ලුකගොන් හා කැල්සිටොනින් ස්‍රාවය කරන අන්තරාසර්ග ග්‍රන්ථි පිළිවෙළින්
  20. පහත දී ඇති ආහාර දාම අතුරෙන් වඩාත් ම කාර්යක්ෂම ආහාර දාමය තෝරන්න.
  21. න්‍යෂ්ටික අම්ලවල කාර්යයක් නොවන්නේ පහත කවරක්ද?
  22. මිනිසාගේ ක්ෂුද්‍රාන්ත්‍රයේ පිහිටි අංගුලිකාවල ඇති රුධිර කේශනාලිකා මගින් අවශෝෂණය කර නොගන්නේ පහත සඳහන් කුමන ජීරණ අන්තඵලයද?
  23. මිනිස් මොළයේ අනුමස්තිෂ්කයේ කෘත්‍යයක් වන්නේ පහත කවරක්ද?
  24. පහත සඳහන් ලක්ෂණ සලකන්න.
    A - න්‍යෂ්ටිය සෛල ප්ලාස්මයේ පර්යන්තව පිහිටයි.
    B - විශාල මධ්‍ය රික්තකයක් සහිත ගෝලාකාර සෛල පිහිටයි.
    C - අන්තර් සෛලීය අවකාශ නොපිහිටයි.
    ඉහත ලක්ෂණ අතුරෙන් මෘදුස්තර පටකයේ (Parenchyma) ලක්ෂණ වන්නේ,
  25. එක්තරා ජීවියකුට පහත සඳහන් ලක්ෂණ ඇත.
    A - සංවිධානය වූ න්‍යෂ්ටියක් දරන සෛලවලින් යුක්ත වීම.
    B - කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමේ හැකියාව තිබීම.
    C - සෛල බිත්තියේ කයිටින් තිබීම.
    ඉහත සඳහන් ජීවියා කුමන රාජධානියට අයත් වේද?
  26. පහත දී ඇති කාර්යයන් සලකන්න.
    A - ආහාර සැතපුම් (Food miles) අවම කිරීම.
    B - ශක්තිය කළමනාකරණය කිරීම.
    C - පාරම්පරික දැනුම සහ තාක්ෂණය භාවිත කිරීම.
    ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය උදෙසා වැදගත් වන කාර්යයන් වන්නේ,

Leave a Comment