Jobs Lanka - Find Your Dream Job
← All jobs
View Job →

Job details

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2026.11.13 ගැසට් පත්‍රයෙන් විවෘත පදනමින් බඳවා ගැනීමේ පොදු තරග විභාගය - 2026 සඳහා අයදුම්පත් කැඳවා ඇත. මෙමගින් පහත සේවාවන්හි III ශ්‍රේණියේ පුරප්පාඩු 974ක් පුරවනු ලැබේ.

පුරප්පාඩු විස්තරය

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (SLEAS) - 168

ශ්‍රී ලංකා පරිපාලන සේවය (SLAS) - 153

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය (SLAgS) - 135 (පර්යේෂණ 66, සංවර්ධන 61, ආර්ථික විද්‍යා 08)

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය (SLPS) - 74

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය (SLAcS) - 105

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය (SLEngS) - 201

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය (SLArcS) - 10

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය (SLSS) - 128

වැදගත් දින

අයදුම්පත් භාර ගැනීම ආරම්භය: 2026 නොවැම්බර් 16

අයදුම්පත් භාර ගැනීම අවසන්: 2026 දෙසැම්බර් 11

විභාගය: 2027 පෙබරවාරි (සියලු පළාත්වල ප්‍රධාන නගරවල)

අයදුම් කරන ක්‍රමය

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ "Our Services" යටතේ ඇති "Application for the Common Recruitment Examination" හරහා මාර්ගගතව (Online) පමණක් අයදුම් කළ යුතුය.

වයස් සීමාව

අවුරුදු 22 - 35 (ඉංජිනේරු සහ වාස්තු විද්‍යාඥ සේවා සඳහා අවුරුදු 21 - 35).

විභාග ගාස්තු

පළමු කොටස රු. 1,000/-. දෙවන කොටස සඳහා ප්‍රශ්න පත්‍රයකට රු. 300/- (පළමු කොටස සමත් වීමෙන් පසු).

වැටුප් පරිමාණය

රු. 82,150 - 195,970 (SL-1-2025).

විභාග ක්‍රමය

පළමු කොටස (පොදු): බුද්ධි පරීක්ෂණය (පැය 1½) සහ අවබෝධය (පැය 2), ඒ සෑම එකකටම අවම ලකුණු 40%.

දෙවන කොටස: අදාළ සේවාවට විශේෂ ප්‍රශ්න පත්‍ර.

ඉංජිනේරු සේවයට බුද්ධි පරීක්ෂණය පමණක්, වාස්තු විද්‍යාඥ සහ විද්‍යාත්මක සේවාවලට පළමු කොටස පමණක් අදාළය.

ඉන්පසු සම්මුඛ පරීක්ෂණය.

සම්පූර්ණ ගැසට් පත්‍රය (විෂය නිර්දේශ, අධ්‍යාපන සුදුසුකම්, සම්මුඛ පරීක්ෂණ ක්‍රමය සහිත) පහත PDF එකෙන් බාගත කරගන්න.