Grade 11 Quiz (Lesson 01) (Living Tissues – ජීවී පටක)
Garde 11 ජෛවගෝලය
📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (100 ප්‍රශ්න)
- ජීවීන් හා ඔවුන් වෙසෙන භෞතික පරිසරය අතර ක්‍රියාත්මක වන තුනාත්මක සම්බන්ධතාව හැඳින්වෙන්නේ
- ජෛවගෝලයේ පවතින සරලම සංවිධාන මට්ටම කුමක්ද?
- අන්තර් අභිජනනයෙන් සරු ජනිතයින් බිහි කළ හැකි, ස්වරූපයෙන් බොහෝ දුරට සමාන ජීවීන් සමූහයක් හැඳින්වෙන්නේ
- නිශ්චිත කාලසීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුළ ජීවත් වන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් වන්නේ
- කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත් වන එකිනෙකා හා අන්තර් ක්‍රියා දක්වන විවිධ විශේෂවලට අයත් ගහන සමූහයක් හැඳින්වෙන්නේ
- පෘථිවියෙහි සහ වායුගෝලයේ ජීවීන් ව්‍යාප්ත වී ඇති සමස්ත කලාපය හැඳින්වෙන්නේ
- පෘථිවි පෘෂ්ඨයෙන් මතුපිට කොපමණ ප්‍රමාණයක් පමණ ජලයෙන් වැසී තිබේද?
- තෝරාගත් වාසභූමියක ඒකක වර්ගඵලයක් තුළ වෙසෙන යම් විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාව හැඳින්වෙන්නේ
- ස්වාභාවික ජීවී ගහනයක ඝනත්වයට බලපාන ප්‍රධාන සාධක සංඛ්‍යාව කීයද?
- ගහනයකට පිටතින් එකතු වන ජීවීන් සංඛ්‍යාව හැඳින්වෙන්නේ
- ස්වාභාවික ජීවී ගහනයක වර්ධන වක්‍රය ප්‍රස්තාරයකින් නිරූපණය කළ විට ලැබෙන දර්ශීය හැඩය කුමක්ද?
- ස්වාභාවික ගහන වර්ධන වක්‍රයක ප්‍රධාන අවධි ගණන කීයද?
- ගහනය සෙමෙන් වර්ධනය වන අවධිය හැඳින්වෙන ඉංග්‍රීසි පදය කුමක්ද?
- ස්වාභාවික ගහන වර්ධන වක්‍රයක උපරිම වර්ධන වේගයක් ඇති, ජීවීන් ශීඝ්‍රයෙන් ඉහළ යන අවධිය කුමක්ද?
- ගහනයක වර්ධන වේගය අඩු වන අවධියට හේතු නොවන්නේ කුමක්ද?
- ස්වාභාවික ගහනයක් ගතික සමතුලිත අවස්ථාවට පත් වූ පසු එහි සිටින ජීවීන් සංඛ්‍යාව හැඳින්වෙන්නේ
- මිනිස් ගහන වර්ධන වක්‍රය කුමන හැඩයක් ගනීද?
- ලෝකයේ මානව ගහනය බිලියනයක් දක්වා වර්ධනය වීමට ගත වූ කාලය කොපමණද?
- මානව ගහනය ශීඝ්‍රයෙන් වැඩි වීමට බලපා ඇති ප්‍රධාන කරුණු දෙක වන්නේ
- ජෛවගෝලයේ ඇති සියලුම පරිසර පද්ධතිවලට අවශ්‍ය ශක්තිය සපයන ප්‍රධාන ශක්ති ප්රභවය කුමක්ද?
- පෝෂණය සඳහා ජීවීන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතා ජාලාකාරව හැඳින්වෙන්නේ:
- නිෂ්පාදකයකුගෙන් ආරම්භ වී පිළිවෙළින් ප්‍රාථමික යැපෙන්නා, ද්විතීයික යැපෙන්නා ආදී වශයෙන් ජීවීන් ශ්‍රේණියක් හරහා ආහාර හා ශක්තිය ගලා යන අනුපිළිවෙළ වන්නේ
- ආහාර දාමයක අවසාන පුරුක ලෙස බොහෝ විට ක්‍රියා කරන්නේ
- සරල අකාබනික සංඝටක, කාබනික සංයෝග බවට පත් කර පෝෂණය සපයා ගැනීමේ හැකියාව ඇති ජීවීන් හැඳින්වෙන්නේ
- හරිත ශාක පෝෂණය සපයා ගන්නා ආකාරය අනුව හැඳින්වෙන්නේ
- මළ ජීවී දේහවල හා මල ද්‍රව්‍යවල ඇති සංකීර්ණ කාබනික සංයෝග, සරල සංයෝග බවට බිඳ හෙළන ක්ෂුද්‍ර ජීවීන් හැඳින්වෙන්නේ
- සංකීර්ණ සංයෝග සරල බවට බිඳ හෙළීමේ ක්‍රියාවලිය හැඳින්වෙන්නේ
- පාරිසරික පිරමීඩ ප්‍රධාන ආකාර කීයකට බෙදේ ද?
- එක් එක් පෝෂී මට්ටම්වලට අයත් ජීවීන්ගේ වියළි බර සලකා වර්ෂයකට වර්ගමීටරයට ග්‍රෑම් (g m-2 yr-1) ලෙස දැක්වෙන පිරමීඩය කුමක්ද?
- කිසියම් පෝෂී මට්ටමක සිට ඊට ඉහළින් ඇති පෝෂී මට්ටමට සම්ප්‍රේෂණය වන්නේ පහළ පෝෂී මට්ටම සතු ශක්ති ප්‍රමාණයෙන් කොපමණ ප්‍රතිශතයක් පමණද?
- පාරිසරික පිරමීඩ අතුරින් කිසිවිටෙක යටිකුරු (Inverted) විය නොහැකි පිරමීඩය කුමක්ද?
- පෝෂී මට්ටමෙන් පෝෂී මට්ටමට ශක්තිය ගලා යාමේදී ශක්තිය අපතේ යාම හැඳින්වෙන්නේ
- සත්ත්වයෙකු ආහාර වලින් ලබා ගන්නා මුළු ශක්තියෙන් (100%) වැඩිම ප්‍රතිශතයක් (60%ක් පමණ) වැය වන්නේ කුමක් සඳහාද?
- කෙටි ආහාර දාම, දිගු ආහාර දාම වලට වඩා කාර්යක්ෂම වීමට ප්‍රධාන හේතුව කුමක්ද?
- ජෛවගෝලය තුළ පවතින ප්‍රදේශ වන වායුගෝලය, ජලගෝලය හා ශිලාගෝලය ඔස්සේ අත්‍යවශ්‍ය රසායනික සංඝටක චක්‍රීයව සංසරණය වීම හැඳින්වෙන්නේ
- පරිසර පද්ධතියක කාබන් තිර කරන ප්‍රධාන ක්‍රමය කුමක්ද?
- පසේ නිදහස්ව ජීවත් වන, වායුගෝලීය නයිට්රජන් ඇමෝනියා බවට පත් කරන බැක්ටීරියාව වන්නේ?
- රනිල ශාකවල මූල ගැටිති තුළ සහජීවීව වෙසෙමින් වායුගෝලීය නයිට්රජන් තිර කරන බැක්ටීරියාව කුමක්ද?
- ඇමෝනියම් සංයෝග නයිට්රයිට් බවට පත් කරන බැක්ටීරියාව කුමක්ද?
- නයිට්රයිට්, නයිට්රේට් බවට පරිවර්තනය කිරීම සිදු කරනු ලබන බැක්ටීරියාව කුමක්ද?
- නයිට්රේට් යළි වායුගෝලීය නයිට්රජන් බවට පත් කරන (නයිට්රිහාරී) බැක්ටීරියාවක් වන්නේ
- ස්වාභාවික පරිසරය තුළ පීඩාකාරී වෙනස්කම් ඇති කරන දූෂක ද්‍රව්‍ය පරිසරයට එකතු කිරීම හැඳින්වෙන්නේ
- කාබන් (C) සහ හයිඩ්රජන් (H) යන මූලද්‍රව්‍ය පමණක් විවිධ අනුපාතවලින් සංයෝජනය වී නිර්මාණය වූ සංයෝග හැඳින්වෙන්නේ
- කැළිකසළ ගොඩවල් සහ වගුරු බිම් ආශ්‍රිතව බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් විශාල වශයෙන් නිපදවෙන සරලම හයිඩ්‍රොකාබනය කුමක්ද?
- පෘථිවිය උණුසුම්ව තබා ගැනීමට සහ ජීවයට හිතකර දේශගුණයක් පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන ආචරණය කුමක්ද?
- පහත දැක්වෙන වායු අතුරින් හරිතාගාර වායුවක් නොවන කුමක්ද?
- සාපේක්ෂව ඉහළ ඝනත්වයක් හෝ ඉහළ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් සහිත ලෝහ හැඳින්වෙන්නේ
- උෂ්ණත්වමාන සහ ප්‍රතිදීපන පහන් කැඩී යාමෙන් පරිසරයට එකතු වන විෂ සහිත තරල ලෝහය කුමක්ද?
- ස්වාභාවික වැසි ජලයේ pH අගය ආසන්න වශයෙන් කොපමණ වේද?
- අම්ල වැසි ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන වායු වර්ග වනුයේ
- සල්ෆර් ඩයොක්සයිඩ් ජලයේ දියවීමෙන් මුලින්ම සෑදෙන අම්ලය කුමක්ද?
- පරීක්ෂණාත්මකව ආරක්ෂිත යැයි තහවුරු කළ, ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය සංකේතවත් කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යොදා ගන්නා කේත ක්‍රමය කුමක්ද?
- කඨින ජලයේදී සබන්වල පෙණ හට ගැනීම ඉතා අඩුය. මෙයට විසඳුම ලෙස යොදාගනු ලබන්නේ
- ක්ෂුද්රජීවීන් විනාශ කරන හෝ වර්ධනය වළකාලන ජීවී පටක මත ආලේප කරන රසායනික ද්‍රව්‍ය හැඳින්වෙන්නේ
- නිවෙස්වල ගෙබිම, වැසිකිලි සහ නාන කාමර පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා, ජීවී පටක මත තැවරීම ආරක්ෂිත නොවන රසායනික ද්‍රව්‍ය හැඳින්වෙන්නේ
- පෘථිවියට විශාල තර්ජනයක් විය හැකි දිගු කල් පවත්නා කාබනික දූෂක සංයෝග 12 හැඳින්වෙන නම කුමක්ද?
- පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 25ක් පමණ ඉහළින් පිහිටා ඇති, පාරජම්බුල කිරණ අවශෝෂණය කරන ආරක්ෂක වියන කුමක්ද?
- මෝටර් රථවල දුමෙහි අඩංගු රසායන ද්‍රව්‍ය සූර්යාලෝකය හමුවේ ප්‍රතික්‍රියා වී සෑදෙන කහ පැහැයට හුරු තිමිරය හැඳින්වෙන්නේ
- ආහාර දාමයක පෝෂී මට්ටමෙන් පෝෂී මට්ටමට විෂ සහිත රසායනික දූෂක සාන්ද්‍රණය වීම හැඳින්වෙන්නේ
- ජලාශවල නයිට්රේට් (NO3-) සහ පොස්ෆේට් (PO43-) අයන සාන්ද්‍රණය ඉහළ යාම නිසා විශාල ලෙස ඇල්ගී වර්ධනය වී ජලය මත කොළ පැහැති පෙණ ස්තරයක් සෑදීමේ තත්ත්වය කුමක්ද?
- භූමිය ශාක වර්ධනයට නුසුදුසු ලෙස වෙනස් වීම නිසා කාන්තාර බවට පත්වීම හැඳින්වෙන්නේ
- රටක් ප්‍රාථමික කෘෂිකාර්මික සමාජයක සිට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන සමාජයක් කරා පරිවර්තනය වීමේ ක්‍රියාවලිය කුමක්ද?
- මිනිස් ජනගහනය වර්ධනය වන විට සම්පත් බහුල ප්‍රදේශවලට ජනගහනය එකතු වීම හැඳින්වෙන්නේ
- ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) මගින් පරිසරයට මුදා හැරෙන විෂ සහිත බැර ලෝහයක් වන්නේ?
- ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කෙටි කාලයක් තුළ වකුගඩු අකරණිය වීමේ රෝගී තත්ත්වය කුමක්ද?
- නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වූ පළමු රෝගියා 1994 දී වාර්තා වූ ප්‍රදේශය කුමක්ද?
- ඉන්සියුලින් හෝමෝනය ස්රාවය කරන අග්න්‍යාශයේ ඇති සෛල කාණ්ඩය කුමක්ද?
- අක්ෂි කාචයේ ප්‍රෝටීන්වල ස්වභාවය වෙනස් වීම හේතුවෙන් කාචයේ පාරදෘශ්‍යභාවය නැති වී යාම හැඳින්වෙන්නේ?
- රුධිරයේ ග්ලූකෝස් මට්ටම නියමිත පරාසයට වඩා ඉහළ යාමෙන් ඇතිවන රෝගී තත්ත්වය කුමක්ද?
- පරිසරයේ තුල්‍යතාව ආරක්ෂා කරමින් සහ අනාගත පරපුරට භාවිත කළ හැකි පරිදි ස්වාභාවික සම්පත් නැණවත් ලෙස භාවිත කිරීම හැඳින්වෙන්නේ
- මහා පරිමාණයෙන් තනි බෝග වගා කිරීම වෙනුවට එකම භූමියක් තුළ වෙනස් බෝග වර්ග වගා කිරීම හැඳින්වෙන්නේ?
- පොල් වගාවේ ප්‍රධාන පළිබෝධකයෙකු වූ පොල් පත්‍ර කනින්නා (Promecotheca cumingii) මර්දනය කිරීම සඳහා යොදාගනු ලබන කීට පරපෝෂිතයා කුමක්ද?
- ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා තහනම් කරන ලද කෘෂි රසායනයක් වන්නේ?
- වැවක ජලයෙන් පිරී පවතින ප්‍රදේශයේ සිට වැව් බැම්ම යටින් හෝ එය විනිවිද යන ආකාරයට ස්වාභාවික ගල් පතුරු භාවිත කර සාදා ඇති අංගය කුමක්ද?
- සොරොව්වෙන් පිටතට පැමිණෙන ජලයේ පීඩනය අවම කිරීම සඳහා සෑදූ චතුරස්රාකාර අවකාශය කුමක්ද?
- වැවක නිරන්තරයෙන් ඇති වන තරංග නිසා වැව් බැම්ම ඛාදනය වීම වැළැක්වීම සඳහා සාදා ඇති අංගය කුමක්ද?
- විශාල වැවක ඉස්මත්තේ ඉදි කර ඇති කුළු වැව් ජලයෙන් පිරී ගිය විට මහ වැවට ජලය එකතු වන ස්ථානය හැඳින්වෙන්නේ
- පුද්ගලයෙක්, නිෂ්පාදනයක් හෝ ආයතනයක් හේතු කොට ගෙන නිශ්චිත කාල පරිච්ඡේදයකදී විමෝචනය වන මුළු කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය කුමක්ද?
- කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් මගින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී හෝ සැපයීමේදී පාරිභෝජනය කරන මිරිදිය ජලය ප්‍රමාණය හැඳින්වෙන්නේ
- කිසියම් ආහාරයක ඒකක ස්කන්ධයක් එය නිපදවන ස්ථානයේ සිට පරිභෝජනය කරනු ලබන ස්ථානය දක්වා ගෙවා යන දුර හැඳින්වෙන්නේ?
- අපද්‍රව්‍ය කළමනාකරණයේදී යොදා ගන්නා මූලධර්මය හැඳින්වෙන්නේ කුමන නමිනිද?
- 4R මූලධර්මයට අයත් නොවන වැකිය කුමක්ද?
- ශක්ති පාරිභෝජනය කළමනාකරණය කිරීම තුළින් කිසියම් සේවාවක් සැපයීම සඳහා අඩුම ශක්ති ප්‍රමාණයක් භාවිත කිරීම හැඳින්වෙන්නේ
- නිවසක ස්වාභාවික වායු සංසරණය සහ සිසිලනය වැඩි දියුණු කරගැනීමට වඩාත් යෝග්‍ය වන්නේ ජනෙල් කුමන දිශාවලට තැබීමද?
- පුනර්ජනනීය ශක්ති ප්‍රභවයකට නිදසුනක් වන්නේ?
- ඕසෝන් වියනට හානි කරන වායු පාලනය කිරීමට ඇති කරගත් ජාත්‍යන්තර සම්මුතිය කුමක්ද?
- ශ්‍රී ලංකාවේ පරිසරය කළමනාකරණය කිරීම සඳහා බලය ලත් ප්‍රධාන රාජ්‍ය ආයතනයක් වන්නේ?
- පරිසර පද්ධතියක අජීවී සංරචකයක් වන්නේ?
- කිසියම් ගහනයක ප්‍රමාණය අඩුවීමට සෘජුවම බලපාන සාධක දෙකක් වනුයේ?
- ශාක මගින් සූර්ය ශක්තිය තිර කර ආහාර සංස්ලේෂණය කර ගන්නා ක්‍රියාවලිය කුමක්ද?
- ආහාර දාමයක ප්‍රාථමික යැපෙන්නන් ලෙස සැලකෙන්නේ?
- සාමාන්‍යයෙන් සංඛ්‍යා පිරමීඩයක පාදමෙන් නිරූපණය කෙරෙන්නේ
- ආයුර්වේද වෛද්‍ය ක්රමයේ ප්‍රධාන සම්ප්‍රදායන් සංඛ්‍යාව කීයද?
- ආයුර්වේදයේ එන ප්‍රතිකාර ක්‍රමවල අංග තුනට අයත් නොවන කුමක්ද?
- ආයුර්වේද වෛද්‍ය ක්රමයේ ප්‍රධාන සම්ප්‍රදායන් සංඛ්‍යාව කීයද?
- ආයුර්වේදයේ එන ප්‍රතිකාර ක්‍රමවල අංග තුනට අයත් නොවන කුමක්ද?
- දිගුකල් පවත්නා කාබනික දූෂක (POPs) වලට නැති විශේෂ ලක්ෂණය කුමක්ද?
- ගෘහස්ථ අපද්‍රව්‍ය කළමනාකරණයේදී 'Reduce' යන්නෙන් අදහස් වන්නේ?
- පොකුණු පරිසර පද්ධතියක අජීවී සංරචකයක් වනුයේ?
- පරිසරයේ සමතුලිතතාව ආරක්ෂා කර ගැනීම සඳහා අප කළ යුත්තේ?