Grade 11 Quiz (Lesson 15) (ජෛවගෝලය)

Grade 11 Quiz (Lesson 01) (Living Tissues – ජීවී පටක)

Garde 11 ජෛවගෝලය

📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (100 ප්‍රශ්න)
  1. ජීවීන් හා ඔවුන් වෙසෙන භෞතික පරිසරය අතර ක්‍රියාත්මක වන තුනාත්මක සම්බන්ධතාව හැඳින්වෙන්නේ
  2. ජෛවගෝලයේ පවතින සරලම සංවිධාන මට්ටම කුමක්ද?
  3. අන්තර් අභිජනනයෙන් සරු ජනිතයින් බිහි කළ හැකි, ස්වරූපයෙන් බොහෝ දුරට සමාන ජීවීන් සමූහයක් හැඳින්වෙන්නේ
  4. නිශ්චිත කාලසීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුළ ජීවත් වන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් වන්නේ
  5. කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත් වන එකිනෙකා හා අන්තර් ක්‍රියා දක්වන විවිධ විශේෂවලට අයත් ගහන සමූහයක් හැඳින්වෙන්නේ
  6. පෘථිවියෙහි සහ වායුගෝලයේ ජීවීන් ව්‍යාප්ත වී ඇති සමස්ත කලාපය හැඳින්වෙන්නේ
  7. පෘථිවි පෘෂ්ඨයෙන් මතුපිට කොපමණ ප්‍රමාණයක් පමණ ජලයෙන් වැසී තිබේද?
  8. තෝරාගත් වාසභූමියක ඒකක වර්ගඵලයක් තුළ වෙසෙන යම් විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාව හැඳින්වෙන්නේ
  9. ස්වාභාවික ජීවී ගහනයක ඝනත්වයට බලපාන ප්‍රධාන සාධක සංඛ්‍යාව කීයද?
  10. ගහනයකට පිටතින් එකතු වන ජීවීන් සංඛ්‍යාව හැඳින්වෙන්නේ
  11. ස්වාභාවික ජීවී ගහනයක වර්ධන වක්‍රය ප්‍රස්තාරයකින් නිරූපණය කළ විට ලැබෙන දර්ශීය හැඩය කුමක්ද?
  12. ස්වාභාවික ගහන වර්ධන වක්‍රයක ප්‍රධාන අවධි ගණන කීයද?
  13. ගහනය සෙමෙන් වර්ධනය වන අවධිය හැඳින්වෙන ඉංග්‍රීසි පදය කුමක්ද?
  14. ස්වාභාවික ගහන වර්ධන වක්‍රයක උපරිම වර්ධන වේගයක් ඇති, ජීවීන් ශීඝ්‍රයෙන් ඉහළ යන අවධිය කුමක්ද?
  15. ගහනයක වර්ධන වේගය අඩු වන අවධියට හේතු නොවන්නේ කුමක්ද?
  16. ස්වාභාවික ගහනයක් ගතික සමතුලිත අවස්ථාවට පත් වූ පසු එහි සිටින ජීවීන් සංඛ්‍යාව හැඳින්වෙන්නේ
  17. මිනිස් ගහන වර්ධන වක්‍රය කුමන හැඩයක් ගනීද?
  18. ලෝකයේ මානව ගහනය බිලියනයක් දක්වා වර්ධනය වීමට ගත වූ කාලය කොපමණද?
  19. මානව ගහනය ශීඝ්‍රයෙන් වැඩි වීමට බලපා ඇති ප්‍රධාන කරුණු දෙක වන්නේ
  20. ජෛවගෝලයේ ඇති සියලුම පරිසර පද්ධතිවලට අවශ්‍ය ශක්තිය සපයන ප්‍රධාන ශක්ති ප්‍රභවය කුමක්ද?
  21. පෝෂණය සඳහා ජීවීන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතා ජාලාකාරව හැඳින්වෙන්නේ:
  22. නිෂ්පාදකයකුගෙන් ආරම්භ වී පිළිවෙළින් ප්‍රාථමික යැපෙන්නා, ද්විතීයික යැපෙන්නා ආදී වශයෙන් ජීවීන් ශ්‍රේණියක් හරහා ආහාර හා ශක්තිය ගලා යන අනුපිළිවෙළ වන්නේ
  23. ආහාර දාමයක අවසාන පුරුක ලෙස බොහෝ විට ක්‍රියා කරන්නේ
  24. සරල අකාබනික සංඝටක, කාබනික සංයෝග බවට පත් කර පෝෂණය සපයා ගැනීමේ හැකියාව ඇති ජීවීන් හැඳින්වෙන්නේ
  25. හරිත ශාක පෝෂණය සපයා ගන්නා ආකාරය අනුව හැඳින්වෙන්නේ
  26. මළ ජීවී දේහවල හා මල ද්‍රව්‍යවල ඇති සංකීර්ණ කාබනික සංයෝග, සරල සංයෝග බවට බිඳ හෙළන ක්ෂුද්‍ර ජීවීන් හැඳින්වෙන්නේ
  27. සංකීර්ණ සංයෝග සරල බවට බිඳ හෙළීමේ ක්‍රියාවලිය හැඳින්වෙන්නේ
  28. පාරිසරික පිරමීඩ ප්‍රධාන ආකාර කීයකට බෙදේ ද?
  29. එක් එක් පෝෂී මට්ටම්වලට අයත් ජීවීන්ගේ වියළි බර සලකා වර්ෂයකට වර්ගමීටරයට ග්‍රෑම් (g m-2 yr-1) ලෙස දැක්වෙන පිරමීඩය කුමක්ද? 
  30. කිසියම් පෝෂී මට්ටමක සිට ඊට ඉහළින් ඇති පෝෂී මට්ටමට සම්ප්‍රේෂණය වන්නේ පහළ පෝෂී මට්ටම සතු ශක්ති ප්‍රමාණයෙන් කොපමණ ප්‍රතිශතයක් පමණද?
  31. පාරිසරික පිරමීඩ අතුරින් කිසිවිටෙක යටිකුරු (Inverted) විය නොහැකි පිරමීඩය කුමක්ද?
  32. පෝෂී මට්ටමෙන් පෝෂී මට්ටමට ශක්තිය ගලා යාමේදී ශක්තිය අපතේ යාම හැඳින්වෙන්නේ
  33. සත්ත්වයෙකු ආහාර වලින් ලබා ගන්නා මුළු ශක්තියෙන් (100%) වැඩිම ප්‍රතිශතයක් (60%ක් පමණ) වැය වන්නේ කුමක් සඳහාද?  
  34. කෙටි ආහාර දාම, දිගු ආහාර දාම වලට වඩා කාර්යක්ෂම වීමට ප්‍රධාන හේතුව කුමක්ද?
  35. ජෛවගෝලය තුළ පවතින ප්‍රදේශ වන වායුගෝලය, ජලගෝලය හා ශිලාගෝලය ඔස්සේ අත්‍යවශ්‍ය රසායනික සංඝටක චක්‍රීයව සංසරණය වීම හැඳින්වෙන්නේ
  36. පරිසර පද්ධතියක කාබන් තිර කරන ප්‍රධාන ක්‍රමය කුමක්ද?
  37. පසේ නිදහස්ව ජීවත් වන, වායුගෝලීය නයිට්‍රජන් ඇමෝනියා බවට පත් කරන බැක්ටීරියාව වන්නේ?
  38. රනිල ශාකවල මූල ගැටිති තුළ සහජීවීව වෙසෙමින් වායුගෝලීය නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාව කුමක්ද?
  39. ඇමෝනියම් සංයෝග නයිට්‍රයිට් බවට පත් කරන බැක්ටීරියාව කුමක්ද?
  40. නයිට්‍රයිට්, නයිට්‍රේට් බවට පරිවර්තනය කිරීම සිදු කරනු ලබන බැක්ටීරියාව කුමක්ද?
  41. නයිට්‍රේට් යළි වායුගෝලීය නයිට්‍රජන් බවට පත් කරන (නයිට්‍රිහාරී) බැක්ටීරියාවක් වන්නේ
  42. ස්වාභාවික පරිසරය තුළ පීඩාකාරී වෙනස්කම් ඇති කරන දූෂක ද්‍රව්‍ය පරිසරයට එකතු කිරීම හැඳින්වෙන්නේ
  43. කාබන් (C) සහ හයිඩ්‍රජන් (H) යන මූලද්‍රව්‍ය පමණක් විවිධ අනුපාතවලින් සංයෝජනය වී නිර්මාණය වූ සංයෝග හැඳින්වෙන්නේ
  44. කැළිකසළ ගොඩවල් සහ වගුරු බිම් ආශ්‍රිතව බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් විශාල වශයෙන් නිපදවෙන සරලම හයිඩ්‍රොකාබනය කුමක්ද?
  45. පෘථිවිය උණුසුම්ව තබා ගැනීමට සහ ජීවයට හිතකර දේශගුණයක් පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන ආචරණය කුමක්ද?
  46. පහත දැක්වෙන වායු අතුරින් හරිතාගාර වායුවක් නොවන කුමක්ද?
  47. සාපේක්ෂව ඉහළ ඝනත්වයක් හෝ ඉහළ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් සහිත ලෝහ හැඳින්වෙන්නේ
  48. උෂ්ණත්වමාන සහ ප්‍රතිදීපන පහන් කැඩී යාමෙන් පරිසරයට එකතු වන විෂ සහිත තරල ලෝහය කුමක්ද?  
  49. ස්වාභාවික වැසි ජලයේ pH අගය ආසන්න වශයෙන් කොපමණ වේද?
  50. අම්ල වැසි ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන වායු වර්ග වනුයේ
  51. සල්ෆර් ඩයොක්සයිඩ් ජලයේ දියවීමෙන් මුලින්ම සෑදෙන අම්ලය කුමක්ද?
  52. පරීක්ෂණාත්මකව ආරක්ෂිත යැයි තහවුරු කළ, ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය සංකේතවත් කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යොදා ගන්නා කේත ක්‍රමය කුමක්ද?  
  53. කඨින ජලයේදී සබන්වල පෙණ හට ගැනීම ඉතා අඩුය. මෙයට විසඳුම ලෙස යොදාගනු ලබන්නේ
  54. ක්ෂුද්‍රජීවීන් විනාශ කරන හෝ වර්ධනය වළකාලන ජීවී පටක මත ආලේප කරන රසායනික ද්‍රව්‍ය හැඳින්වෙන්නේ
  55. නිවෙස්වල ගෙබිම, වැසිකිලි සහ නාන කාමර පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා, ජීවී පටක මත තැවරීම ආරක්ෂිත නොවන රසායනික ද්‍රව්‍ය හැඳින්වෙන්නේ
  56. පෘථිවියට විශාල තර්ජනයක් විය හැකි දිගු කල් පවත්නා කාබනික දූෂක සංයෝග 12 හැඳින්වෙන නම කුමක්ද?
  57.  පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 25ක් පමණ ඉහළින් පිහිටා ඇති, පාරජම්බුල කිරණ අවශෝෂණය කරන ආරක්ෂක වියන කුමක්ද?  
  58. මෝටර් රථවල දුමෙහි අඩංගු රසායන ද්‍රව්‍ය සූර්යාලෝකය හමුවේ ප්‍රතික්‍රියා වී සෑදෙන කහ පැහැයට හුරු තිමිරය හැඳින්වෙන්නේ
  59. ආහාර දාමයක පෝෂී මට්ටමෙන් පෝෂී මට්ටමට විෂ සහිත රසායනික දූෂක සාන්ද්‍රණය වීම හැඳින්වෙන්නේ
  60. ජලාශවල නයිට්‍රේට් (NO3-) සහ පොස්ෆේට් (PO43-) අයන සාන්ද්‍රණය ඉහළ යාම නිසා විශාල ලෙස ඇල්ගී වර්ධනය වී ජලය මත කොළ පැහැති පෙණ ස්තරයක් සෑදීමේ තත්ත්වය කුමක්ද? 
  61. භූමිය ශාක වර්ධනයට නුසුදුසු ලෙස වෙනස් වීම නිසා කාන්තාර බවට පත්වීම හැඳින්වෙන්නේ
  62. රටක් ප්‍රාථමික කෘෂිකාර්මික සමාජයක සිට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන සමාජයක් කරා පරිවර්තනය වීමේ ක්‍රියාවලිය කුමක්ද?  
  63. මිනිස් ජනගහනය වර්ධනය වන විට සම්පත් බහුල ප්‍රදේශවලට ජනගහනය එකතු වීම හැඳින්වෙන්නේ
  64. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) මගින් පරිසරයට මුදා හැරෙන විෂ සහිත බැර ලෝහයක් වන්නේ?
  65. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කෙටි කාලයක් තුළ වකුගඩු අකරණිය වීමේ රෝගී තත්ත්වය කුමක්ද?  
  66. නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වූ පළමු රෝගියා 1994 දී වාර්තා වූ ප්‍රදේශය කුමක්ද?
  67. ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය කරන අග්න්‍යාශයේ ඇති සෛල කාණ්ඩය කුමක්ද?
  68. අක්ෂි කාචයේ ප්‍රෝටීන්වල ස්වභාවය වෙනස් වීම හේතුවෙන් කාචයේ පාරදෘශ්‍යභාවය නැති වී යාම හැඳින්වෙන්නේ?
  69. රුධිරයේ ග්ලූකෝස් මට්ටම නියමිත පරාසයට වඩා ඉහළ යාමෙන් ඇතිවන රෝගී තත්ත්වය කුමක්ද?
  70. පරිසරයේ තුල්‍යතාව ආරක්ෂා කරමින් සහ අනාගත පරපුරට භාවිත කළ හැකි පරිදි ස්වාභාවික සම්පත් නැණවත් ලෙස භාවිත කිරීම හැඳින්වෙන්නේ
  71. මහා පරිමාණයෙන් තනි බෝග වගා කිරීම වෙනුවට එකම භූමියක් තුළ වෙනස් බෝග වර්ග වගා කිරීම හැඳින්වෙන්නේ?
  72. පොල් වගාවේ ප්‍රධාන පළිබෝධකයෙකු වූ පොල් පත්‍ර කනින්නා (Promecotheca cumingii) මර්දනය කිරීම සඳහා යොදාගනු ලබන කීට පරපෝෂිතයා කුමක්ද?  
  73. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා තහනම් කරන ලද කෘෂි රසායනයක් වන්නේ?  
  74. වැවක ජලයෙන් පිරී පවතින ප්‍රදේශයේ සිට වැව් බැම්ම යටින් හෝ එය විනිවිද යන ආකාරයට ස්වාභාවික ගල් පතුරු භාවිත කර සාදා ඇති අංගය කුමක්ද?
  75. සොරොව්වෙන් පිටතට පැමිණෙන ජලයේ පීඩනය අවම කිරීම සඳහා සෑදූ චතුරස්‍රාකාර අවකාශය කුමක්ද?  
  76. වැවක නිරන්තරයෙන් ඇති වන තරංග නිසා වැව් බැම්ම ඛාදනය වීම වැළැක්වීම සඳහා සාදා ඇති අංගය කුමක්ද?
  77. විශාල වැවක ඉස්මත්තේ ඉදි කර ඇති කුළු වැව් ජලයෙන් පිරී ගිය විට මහ වැවට ජලය එකතු වන ස්ථානය හැඳින්වෙන්නේ
  78. පුද්ගලයෙක්, නිෂ්පාදනයක් හෝ ආයතනයක් හේතු කොට ගෙන නිශ්චිත කාල පරිච්ඡේදයකදී විමෝචනය වන මුළු කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය කුමක්ද?
  79. කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් මගින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී හෝ සැපයීමේදී පාරිභෝජනය කරන මිරිදිය ජලය ප්‍රමාණය හැඳින්වෙන්නේ
  80. කිසියම් ආහාරයක ඒකක ස්කන්ධයක් එය නිපදවන ස්ථානයේ සිට පරිභෝජනය කරනු ලබන ස්ථානය දක්වා ගෙවා යන දුර හැඳින්වෙන්නේ?
  81. අපද්‍රව්‍ය කළමනාකරණයේදී යොදා ගන්නා මූලධර්මය හැඳින්වෙන්නේ කුමන නමිනිද?
  82. 4R මූලධර්මයට අයත් නොවන වැකිය කුමක්ද?
  83. ශක්ති පාරිභෝජනය කළමනාකරණය කිරීම තුළින් කිසියම් සේවාවක් සැපයීම සඳහා අඩුම ශක්ති ප්‍රමාණයක් භාවිත කිරීම හැඳින්වෙන්නේ
  84. නිවසක ස්වාභාවික වායු සංසරණය සහ සිසිලනය වැඩි දියුණු කරගැනීමට වඩාත් යෝග්‍ය වන්නේ ජනෙල් කුමන දිශාවලට තැබීමද?
  85. පුනර්ජනනීය ශක්ති ප්‍රභවයකට නිදසුනක් වන්නේ?
  86. ඕසෝන් වියනට හානි කරන වායු පාලනය කිරීමට ඇති කරගත් ජාත්‍යන්තර සම්මුතිය කුමක්ද?
  87. ශ්‍රී ලංකාවේ පරිසරය කළමනාකරණය කිරීම සඳහා බලය ලත් ප්‍රධාන රාජ්‍ය ආයතනයක් වන්නේ?
  88. පරිසර පද්ධතියක අජීවී සංරචකයක් වන්නේ?
  89. කිසියම් ගහනයක ප්‍රමාණය අඩුවීමට සෘජුවම බලපාන සාධක දෙකක් වනුයේ?
  90. ශාක මගින් සූර්ය ශක්තිය තිර කර ආහාර සංස්ලේෂණය කර ගන්නා ක්‍රියාවලිය කුමක්ද?
  91. ආහාර දාමයක ප්‍රාථමික යැපෙන්නන් ලෙස සැලකෙන්නේ?
  92. සාමාන්‍යයෙන් සංඛ්‍යා පිරමීඩයක පාදමෙන් නිරූපණය කෙරෙන්නේ
  93. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රධාන සම්ප්‍රදායන් සංඛ්‍යාව කීයද?
  94. ආයුර්වේදයේ එන ප්‍රතිකාර ක්‍රමවල අංග තුනට අයත් නොවන කුමක්ද?  
  95. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රධාන සම්ප්‍රදායන් සංඛ්‍යාව කීයද?
  96. ආයුර්වේදයේ එන ප්‍රතිකාර ක්‍රමවල අංග තුනට අයත් නොවන කුමක්ද?
  97. දිගුකල් පවත්නා කාබනික දූෂක (POPs) වලට නැති විශේෂ ලක්ෂණය කුමක්ද?
  98. ගෘහස්ථ අපද්‍රව්‍ය කළමනාකරණයේදී 'Reduce' යන්නෙන් අදහස් වන්නේ?
  99. පොකුණු පරිසර පද්ධතියක අජීවී සංරචකයක් වනුයේ?
  100. පරිසරයේ සමතුලිතතාව ආරක්ෂා කර ගැනීම සඳහා අප කළ යුත්තේ?

Leave a Comment