
Mechanical Engineer
Salary
Closing date
Posted
Views

Salary
Closing date
Posted
Views
බාහිර අපේක්ෂකයින් : (පහත 1 හෝ 2 හෝ 3 )
1. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත පිළිගත් විශ්වවිද්‍යාලයකින් විද්‍යාවේදි ඉංජිනේරු (යාන්ත්‍රික) උපාධියක් සමඟ ඉංජිනේරු සභාවේ සාමාජිකත්වය ලබා තිබීම.
2. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණ පුහුණු ආයතනයක් හෝ කාර්මික විද්‍යාලයකින් යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රය හා සම්බන්ධව නිකුත් කරනු ලබන ජාතික වෘත්තීය කුසලතාවන්හි NVQ හත්වැනි (07) වන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් සමඟ ඉංජිනේරු සභාවේ සාමාජිකත්වය ලබා තිබීම.
3. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණ පුහුණු ආයතනයක් හෝ කාර්මික විද්‍යාලයකින් යාන්ත්‍රික ඉංජිනේරු හා සම්බන්ධව නිකුත් කරනු ලබන ජාතික වෘත්තීය කුසලතාවන්හි NVQ හය වැනි (06) වන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම හා ප්‍රවීණතා සහතිකයක් ලබා ගැනීමෙන් පසු රජයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත ආයතනයක අවම වශයෙන් අදාල ක්ෂේත්‍රයේ වසර පහක (05) ක සේවා පළපුරුද්ද සමග ඉංජිනේරු සභාවේ සාමාජිකත්වය ලබා තිබීම.
වැටුප් පරිමාණය :
MM1-1 2026 රු. [81,710 + 10 × 2,200 + 15 × 2,500 = 141,210]
වයස් සීමාව:
වයස අවුරුදු 22 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.
සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට හිමිකම් සහිතව ස්ථිර පත්වීමකි. අයදුම්කරුවන් වසර 03ක පරිවාස කාලයකට යටත් කෙරේ.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
තනතුරේ රාජකාරි මැනවින් ඉටු කිරීමටත් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් ශාරීරිකව හා මානසිකව යෝග්‍ය විය යුතුය.
විශිෂ්ඨ සදාචාර සම්පන්න චරිතයකින් යුක්ත විය යුතුය.
යාවත්කාලීන කල ජීවදත්ත පත්‍රිකාව (CV), අධ්‍යාපනික / වෘත්තීය සහ පළපුරුදු සහතික වල පිටපත් සමඟ මේ සමඟ අමුණා ඇති ආකෘතියට සකස් කල අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් පමණක් පහත ලිපිනයට යොමු කළ යුතුය.
ලියුම් කවරයේ වම් පස ඉහළ කෙලවරේ "(අදාළ තනතුරේ නම ) තනතුර සඳහා අයදුම්පත” ලෙස පැහැදිලිව සඳහන් කළ යුතුය
රාජ්‍ය / ව්‍යවස්ථාපිත අංශ වල දැනට සේවය කරන්නන් තම අයදුම්පත් ආයතන ප්‍රධානියා මඟින් යොමු කළ යුතුය
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2026 දෙසැම්බර් මස 11 වන දින
සභාපති,
ලංකා සෝල්ට් ලිමිටඩ්, මහ ලේවාය හම්බන්තොට
දුරකථන - 047-2037305 / 047-2037308