
CIABOC Vacancies 2026 | අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව රැකියා අවස්ථා
Salary
Closing date
Posted
Views
This job has closed
Applications closed on 16 Nov 2026.

Salary
Closing date
Posted
Views
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 26(1) වගන්තිය ප්‍රකාරව පුරප්පාඩු 55 සඳහා විවෘත පදනමින් බඳවා ගැනීම. පහත සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකික පුරවැසියන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.
පුරප්පාඩු
55ද්විතීය සේවා මට්ටම (තාක්ෂණික නොවන)
වයස
21 – 35අවුරුදු
ආරම්භක වැටුප
Rs. 46,220මසකට
අයදුම්පත් ලැබිය යුතු අවසන් දිනය
2026.11.161 දින ඉතිරියි
විභාග ගාස්තුව
රු. 1,000
විභාග මාධ්‍ය
සිංහල, දෙමළ, ඉංග්‍රීසි
සියල්ල විවෘත කරන්න
අධ්‍යාපන සුදුසුකම්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙයින් (සිංහල / දෙමළ, ඉංග්‍රීසි, ගණිතය විෂයයන්ට සම්මාන ඇතුළුව) සම්මාන හතරක් ඇතුළුව විෂයයන් හයක් සමත් වී තිබීම.
සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සියලුම විෂයයන්ගෙන් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර) එකවර සමත්ව තිබීම. පැරණි විෂය නිර්දේශය යටතේ විෂයයන් 3 කින් එකවර සමත්ව තිබීම ප්‍රමාණවත් වේ.
වෘත්තීය සුදුසුකම්
අදාළ නොවේ.
පළපුරුද්ද
අදාළ නොවේ.
කායික සුදුසුකම්
සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.
වෙනත් සුදුසුකම්
ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
අයදුම්කරුවන් විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය.
තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් වන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.
වයස
අවම සීමාව: 21 අවුරුදු · උපරිම සීමාව: 35 අවුරුදු
වැටුප් පරිමාණය
Rs. 46,220 – 10×540 – 7×630 – 4×890 – 20×1190 – Rs. 83,390
වැටුප් කේතය
AC-MA-1-1-2025
ආරම්භක වැටුප
Rs. 46,220 මසකට
මීට අමතරව පාර්ලිමේන්තුව විසින් 2026.03.17 අනුමත කර ඇති අනෙකුත් දීමනාද ගෙවනු ලැබේ (අංක 2504/07 හා 2026.09.01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය).
1ලිඛිත විභාගයප්රශ්න පත්‍ර 2 ක්. එක් එක් පත්‍රයට අවම ලකුණු 40
2ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයවිභාග ලකුණු මණ්ඩලයට ලබා නොදේ. අවම ලකුණු 100 න් 60
3තෝරා ගැනීමඒකාබද්ධ ලකුණු අනුව ඉහළම අය, ගුණාත්මක අනුපිළිවෙලින්
ප්‍රශ්න පත්‍ර 2 කින් සමන්විතය. විභාගය කොළඹදී පැවැත්වේ. ප්‍රශ්න පත්‍ර දෙකටම පෙනී සිටිය යුතුය.
විෂය | කාලය | උපරිම ලකුණු | සමත් ලකුණු |
|---|---|---|---|
භාෂා හැකියාව | පැය 02 | 100 | 40 |
අභියෝග්‍යතාවය | පැය 01 | 100 | 40 |
භාෂා හැකියාව
අපේක්ෂකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීම, අවබෝධය, අක්ෂර වින්‍යාසය, භාෂාව හා රචනය, ප්‍රස්ථාර, වගු සකස් කිරීම, සාරාංශය ආදී හැකියාවන් පරීක්ෂා කෙරේ.
අභියෝග්‍යතාවය
අපේක්ෂකයාගේ තර්කන ශක්තිය මැනීම පිණිස සකසන ලද ප්‍රශ්න පත්රයකි.
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි.
අපේක්ෂකයින් කැමති එක් භාෂාවකින් පමණක් විභාගයට පෙනී සිටිය යුතුය. එම භාෂා මාධ්‍ය තනතුරට බඳවා ගැනීමේ භාෂා මාධ්‍ය වේ. අයදුම්පතෙහි දැක්වෙන භාෂා මාධ්‍ය පසුව වෙනස් කිරීමට අවසර නැත.
ලකුණු ලබාදෙන ප්‍රධාන ශීර්ෂ | උපරිම ලකුණු |
|---|---|
අතිරේක අධ්‍යාපන සුදුසුකම් | 20 |
සේවා පළපුරුද්ද | 15 |
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය හා පරිගණක සාක්ෂරතාවය | 10 |
විෂයානුබද්ධ දැනුම | 25 |
සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතාවය | 30 |
මුළු ලකුණු | 100 |
තෝරාගැනීමට අවම ලකුණු: 60 / 100
ලිඛිත පරීක්ෂණයේ සියලුම ප්‍රශ්න පත්රවලට පෙනී සිට එක් එක් ප්‍රශ්න පත්‍රයට අවම ලකුණු 40% ක් ලබා ගන්නා අයදුම්කරුවන් සුදුසුකම් ලබයි. සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන්නේ පුරප්පාඩු සංඛ්‍යාවේ දෙගුණයක ප්‍රමාණයක් පමණි. ලිඛිත පරීක්ෂණයේ ලකුණු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ලබා නොදෙනු ලැබේ.
ඉහත වගුවේ දැක්වෙන ප්‍රධාන ක්ෂේත්රවල උපරිම ලකුණු ඇතුළත, විස්තරාත්මක ලකුණු පරිපාටිය කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබේ.
ලිඛිත පරීක්ෂණය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ ලබාගත් ලකුණුවල එකතුවෙහි ඉහළම කුසලතාවය දක්වන අයදුම්කරුවන් පුරප්පාඩු ගණන අනුව තෝරා ගනු ලැබේ.
එවිය යුතු ලිපිනය
අධ්යක්ෂ ජනරාල්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
තැ.පෙ. 1431, 36, මලලසේකර මාවත
කොළඹ 07
කවරයේ ඉහළ වම් කෙළවර
“කළමනාකරණ සහකාර III ශ්‍රේණියට බඳවා ගැනීම”
2026.11.16 දින හෝ එදිනට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. එදිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
ආදර්ශ ආකෘතිය (පහත අයදුම්පත බලන්න) අනුව A4 කඩදාසියක ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කළ යුතුය.
“කළමනාකරණ සහකාර III ශ්‍රේණියට බඳවා ගැනීම” පැහැදිලිව සඳහන් කළ යුතුය.
අයදුම්කරුගේ අත්සන රජයේ පාසලක විදුහල්පතිවරයෙකු / සාමදාන විනිශ්චයකාරවරයෙකු / දිවුරුම් කොමසාරිස්වරයෙකු / නීතිඥවරයෙකු / ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු / ත්‍රිවිධ හමුදාවේ අධිකාරිලත් නිලධාරියෙකු හෝ රු. 71,240/- ක හෝ ඊට වැඩි මාසික ඒකාබද්ධ වැටුපක් ලබන රජයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරක් දරණ නිලධාරියෙකු විසින් සහතික කළ යුතුය.
අයදුම්පත් තැපෑලේදී නැතිවූ බවට හෝ ප්‍රමාද වූ බවට පැමිණිලි සලකා බලනු නොලැබේ. අවසාන දිනය දක්වා පමා කරන අය ඉන් සිදු විය හැකි ප්‍රතිවිපාක විඳ දරා ගත යුතුය.
ජාතික හැඳුනුම්පත
උප්පැන්න සහතිකය
ඉහත මූලික සුදුසුකම්වලට අදාළ සහතික
මෑතකදී ලබා ගත් චරිත සහතික 2 ක්
විභාග ගාස්තු ගෙවූ බවට රිසිට් පත
සම්මුඛ පරීක්ෂණයේදී සනාථ කර ගැනීම සඳහා මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද වලංගු ජාතික හැඳුනුම්පත
වලංගු විදේශ ගමන් බලපත්‍රය
වලංගු රියදුරු බලපත්‍රය
ගිණුම් අංකයA/C No. 7040057ලංකා බැංකුව, ටොරින්ටන් ශාඛාවගිණුම: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
මෙම ගිණුමට බැර කරන්න. ගාස්තුව කිසිදු හේතුවක් නිසා ආපසු ගෙවනු නොලැබේ. රිසිට් පත අයදුම්පතෙහි ඇලවිය යුතු අතර ඡායා පිටපතක් ලඟ තබා ගන්න.
මෙම පත්වීම අංක 2504/07 හා 2026.09.01 දිනැති ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරන ලද, කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද බඳවා ගැනීමේ පරිපාටියේ විධිවිධානවලට යටත් වේ.
මෙම තනතුර ස්ථිරය. සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාර අරමුදල් ප්රතිලාභ හිමිය.
මෙම පත්වීම අවුරුදු 3 ක පරිවාස කාලයකට යටත් වේ.
තනතුරට බඳවා ගෙන වසර 3 ක් ඇතුළත බඳවා ගැනීමේ පරිපාටියේ සඳහන් ආකාරයට කාර්යක්ෂමතා කඩඉම සමත් විය යුතුය.
පරිවාස කාලය අවසානයේ වැඩ, පැමිණීම, හැසිරීම සතුටුදායක වීම හා කාර්යක්ෂමතා කඩඉම සමත්වීම සළකා බලා සේවය ස්ථිර කිරීම සිදු කරනු ලැබේ.
කොමිෂන් සභාව විසින් හදුන්වා දෙනු ලබන කාර්ය සාධන ඇගයීම් දර්ශක අනුව වාර්ෂිකව ඔබගේ කාර්ය සාධනය ඇගයීමට ලක් කෙරේ. ඒ අනුව ඉදිරි වැටුප් වර්ධක ලබා දීම සිදුකරන අතර උසස් වීම් සඳහාද එම කාර්ය සාධනය උපයෝගී කරනු ලැබේ.
රාජ්‍ය භාෂාවක් නොවන මාධ්‍යයකින් සේවයට බැඳුණු නිලධාරීන් විසින් පරිවාස කාලය තුළ නියමිත රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය ලබා ගත යුතුය.
2023 අංක 09 දරණ දූෂණ විරෝධි පනත, අංක 2504/07 හා 2026.09.01 දිනැති ගැසට් නිවේදනයෙහි ඇතුළත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා රීති, ආයතන සංග්‍රහය II, මුදල් රෙගුලාසි හා වරින්වර කොමිෂන් සභාව විසින් පනවනු ලබන රීතිවලට සහ චක්‍රලේඛවලට මෙම පත්වීම යටත්ය.
විභාගය සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා මාධ්‍යවලින් පවත්වනු ලැබේ. අපේක්ෂකයා කැමති එක් භාෂා මාධ්‍යකින් පමණක් විභාගයට පෙනී සිටිය යුතුය.
ඉල්ලුම් කරනු ලබන භාෂා මාධ්‍යය වෙනස් කිරීමට ඉඩ දෙනු නොලබන අතර ඔබ පත්වීම ලැබීමට සුදුසුකම් ලත් භාෂා මාධ්‍යය වනුයේ අයදුම්පත්‍රයේ සඳහන් කරන භාෂා මාධ්‍යය වේ.