Works Aide

October 28, 2025
LKR 60575
Application ends: November 7, 2025
Apply Now

Job Description

කොන්ත්‍රාත් පදනම මත වැඩ සහායක තනතුර
WORKS AIDE (Contract Basis)

සුදුසුකම්:

  1. අ.පො.ස. (සා.පෙළ) විභාගය විෂයන් හයක් (06) අවමය සම්මාන සාමාර්ථ දෙකක් (02) සහිතව උපරිම වාර දෙකක දී සමත් වී තිබීම.

වෙනත්:

  1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
  2. තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව සුදුසු විය යුතුය.
  3. මනා චරිතවත් පුද්ගලයෙකු විය යුතුය.

වැටුප්: රු. 60,575/- (දීමනා සමඟ)

බඳවා ගැනීම: වෘත්තීය පරීක්ෂණයක් හා/හෝ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මඟින්.

වයස: අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

කොන්ත්‍රාත් කාලසීමාව: පළමුව මාස 05ක කොන්ත්‍රාත් කාලයක් සඳහා පත්වීම ලබා දෙන අතර කාර්ය සාධනය මත මෙම තනතුරේ කොන්ත්‍රාත් කාල සීමාව දීර්ඝ කිරීම සිදු කෙරේ.

සටහන: අයදුම්කරුවන් තම ඉපයීම් වලින් 10%කට සමාන මුදලක් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු අතර, විශ්වවිද්‍යාලය මගින් එකී ඉපයීම් වලින් 15%කට සමාන මුදලක් විශ්වවිද්‍යාලයීය අර්ථසාධක අරමුදලටද, 3%කට සමාන මුදලක් විශ්වවිද්‍යාලය මගින් සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදලට බැර කරනු ලැබේ.

අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා මාර්ගගත ද්වාරය (Online Portal) 2025.10.24 දින සිට 2025.11.07 දින දක්වා විවෘතව පවතිනු ඇත. වැඩි විස්තර https://www.sjp.ac.lk/vacancies වෙබ් පිටුව මගින් ලබා ගත හැකි අතර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා https://hrms.sjp.ac.lk/vacancies/nonacademic/open වෙත පිවිසිය යුතුය.

අවශ්‍ය විස්තර සඳහන් නොකිරීම, අපැහැදිලිවීම හෝ අයදුම්පත් නියමිත දිනට පසුව ලැබීම, සුදුසුකම් හා පළපුරුද්ද සනාථ කිරීම සඳහා අදාළ සහතිකවල පිටපත් උඩුගත (Upload) කර නොතිබීම හෝ වෙනයම් අවශ්‍යතාවයක් සපුරා නොතිබීම අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට හේතු වේ.

යම් තනතුරක් සඳහා අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබුණු අවස්ථාවක අවස්ථාවෝචිත ක්‍රමයක් අනුගමනය කරමින් අයදුම්කරුවන් සීමා කිරීමක් සිදු වේ.

කිසියම් අයදුම්පත්‍රයක් ප්‍රතික්ෂේප කළ විට කුමන හේතුවක් නිසා හෝ යළි සලකා බැලීම සිදු නොකෙරේ.

ලේඛකාධිකාරී,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.
2025.10.24